Saturday, April 20, 2024

General line - 0115112241

උතුරු කොරියානු නායකයාගේ නව වසර සුබ පැතුම් පණිවුඩය ලොව රටවලට භීතිය ඇති කරයි




2018 නව වසර උදාවත් සමග උතුරු කොරියානු නායක කිම් ජෝන් උං සිය රට වැසියන්ට එරට රාජ්‍ය මාධ්‍ය හරහා සුබ පැතුම් එක්කර තිබෙනවා.

ඔහුගේ සුබ පැතුම් පණිවුඩයෙන් ලොව රටවල් රැසක් භීතියට පත්ව ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

2018 වසර සඳහා වූ උතුරු කොරියාවේ නව ඉළක්ක සම්බන්ධයෙන් මෙහිදී කිම් ජෝන් උං විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

අමෙරිකාව බිම ඇද දැමීම තම වගකීම හා ඉළක්කය බවත් ලොව රටවල් අතරින් උතුරු කොරියාව න්‍යෂ්ඨික බලවතා බවට පත්කිරිම තම අරමුණ බවත් ඔහු සඳහන් කළා.

2017 වර්ෂයේ දී තමන් විසින් සිදු කළ න්‍යෂ්ඨික අවි අත්හදා බැලීම් ඊට කදිම උදාහරණ බවයි සිය සුබ පැතුම් පණිවුඩයෙන් උතුරු කොරියානු නායකයා පෙන්වා දුන්නේ.

2018 වසර අවසන් වීමට පෙර අධි බල න්‍යෂ්ඨික අවි නිෂ්පාදන කිරිම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවත් ඒ තුළින් උතුරු කොරියා ලොව බලවත් රාජ්‍යයක් බවට පරිවර්තනය කිරිම තම වගකීම බවත් ඔහු වැඩිදුරටත් මෙහිදී කියා සිටියා.