Saturday, April 20, 2024

General line - 0115112241

කොදෙව්වන්ට හා නවසීලන්තයට වර්සාවෙන් බාධා

කසුන් කැලුම්




සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩයෙම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවති 2වන පන්දුවාර 20 ක්‍රීකට් තරගය වර්ෂාව හේතුවෙන් අද (01) අතහැර දැමුණා. 
මෙම වසරේ පළමු අන්තර්ජාතික ක්‍රිකට් තරගය වූ මෙය පැවතුණේ මවුන්ට් මවුන්ගනුයි හිදියි. 
කොදෙව් කණ්ඩයමේ ඇරයුමෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට පන්දුවාර 9ක් අවසානයේ කඩුලූ 4ක් දැවී ලකුණු 102ක් ලබා සිටියා. 
වේගවත් පිතිහරමයක් නිරත වූ කොලින් මුන්රෝ පන්දු 23කදි ලකුණු 66ක් රැස් කළා. 
තරග 3කින් සමන්විත මෙම පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තය 1ට බින්දුවක් ලෙස පෙරමුණ ගෙන සිටිනවා. 
දෙරට අතර අවසන් පන්දුවාර 20 තරගය හෙට පැවැත්වෙනවා.