Friday, April 26, 2024

General line - 0115112241

දුර්වල තණතීරුව ගැන රන්ජන් මඩුගල්ල දුන් වාර්තාව

තරංග රුක්ෂාන් ජයසේකර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




වැඩිම පිරිසකට තරග නැරඹිය හැකි ලෝකයේ එකම කී‍්‍රඩාංගණය ලෙස සැලකෙන ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් කී‍්‍රඩාංගණයේ තණතීරුව දුර්වල බවට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.  

ඒ, නිමා වූ එංගලන්ත -  ඕස්ටේ‍්‍රලියා අළු බදුන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ සිව්වන තරගයෙන් පසුවයි.

තරගයේ තීරකයා ලෙස කටයුතු කළ රන්ජන් මඩුගල්ල තණතීරුව පිළිබඳ සිය නිර්දේශ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අයි. සී. සී. ය මෙම තීරණය ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.

තරගයේ දින පහේදී කණ්ඩායම් දෙකේම කඩුළු 24 ක් පමණක් බිද වැටුණු අතර තණතීරුවේ ස්වභාවය දින පහේදීම වෙනස් නොවූ බවයි පැවසෙන්නේ.

ඕස්ටේ‍්‍රලියාවේ කී‍්‍රඩාංගණයක තණතීරුවක් දුර්වල බවට ප‍්‍රකාශයට පත් කළ පළමු අවස්ථාව මෙයයි. ලොව විශාලතම කී‍්‍රඩාංගණ 10 අතරට අයත් මෙල්බර්න් කී‍්‍රඩාංගණයේ තරග නැරඹිය හැකි පේ‍්‍රක්‍ෂකයින් සංඛ්‍යාව ලක්‍ෂයකට අධිකයි. 

මීට පෙරද මෙලෙසම කි‍්‍රකට් කී‍්‍රඩාංගණ 8 ක තණතීරු දුර්වල බවට අයි. සී. සී. ය ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. 2011 වසරේ ශී‍්‍ර ලංකා -  ඕස්ටේ‍්‍රලියා ටෙස්ට් තරගය පැවති ගාලු කී‍්‍රඩාංගණයේ තණතීරුවද ඊට ඇතුළත්.