Wednesday, April 24, 2024

General line - 0115112241

වනාන්තර විනාශය පිටුපස ඇති 'අත' ගැන කියන කතාව



ශී‍්‍ර ලංකාවේ සිදුවන වනාන්තර විනාශය පිටුපස අනිවාර්යයෙන්ම දේශපාලන බලපෑම් තිබෙන බව නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට සංවාදයේදී ඊයේ (02) අනාවරණ කෙරුණා.

එහිදී අදහස් දැක්වූයේ කොළඹ විශ්ව විද්‍යාලයේ ශී‍්‍රපාලි මණ්ඩපයේ ආචාර්ය ටියුඩර් වීරසිංහයි.

කොළඹ - නුවර ප‍්‍රධාන මාර්ගයේ කළගෙඩිහේන ප‍්‍රදේශයේ දී මාර්ගය පුළුල් කිරීම සඳහා එහි දෙපස තිබූ ගස් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කපා දමා ඇතැයි නෙත් නිවුස් ඉකුත්දා අනාවරණ කළා.

එම අනාවරණයට ප‍්‍රතිචාර දක්වමින් මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ ඉවත් කෙරුණු ගස් වෙනුවට අළුතින් ගස් සිටුවන බවයි. 

මෙලෙස සිදුකරන විවිධ සංවර්ධන කටයුතු හේතුවෙන් ගස් කපා දැමීම සම්බන්ධයෙන් නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට සංවාදයේදී ඊයේ සාකච්ඡා කෙරුණා.

පරිසර සහ සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක රවීන්ද්‍ර කාරියවසම් එහිදී අදහස් පළ කළා.

නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.