Thursday, April 25, 2024

General line - 0115112241

දරුවන් ලොකුවනවිට ලොකුවන පාවහන්




කුඩා දරුවන් ඉතා ඉක්මනින් වර්ධනයවන බැවින් දෙමාපියන්ට නිරන්තරයෙන් ඔවුන් සඳහා අලුතෙන් පාවහන් මිලදී ගැනීමට සිදු වීම කරදරයකි. ලොව බොහෝ රටවල දිළිඳු පවුල් දෙමාපියන්ට එසේ නිරතුරුව පාවහන් මිලදී ගැනීමට තරම් වත්කමක් නොමැත.

දිළිඳු පවුල්වල දෙමාපියන් මුහුණදෙන මේ ගැටලුවට විසඳුමක් සොයාගත් බව පුණ්‍යායතනයක් පවසන බව බීබීසීය වාර්තා කරනවා. දරුවන් ලොකුවනවිට "ලොකුවන" පාවහන් ඔවුන්ගේ ඒ විසඳුමය.

දරුවන් ලොකුවනවිට එම පාවහන්වල ප්‍රමාණය පස් වතාවක් වෙනස් කළ හැකිය. විවිධ වයස් කාණ්ඩවලට සරිලන ආකාරයට ඒවා ප්‍රමාණ තුනකින් නිෂ්පාදනය කෙරෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදය සැලසුම් කළ එම පාවහන් නිෂ්පාදනය කරනු ලබන්නේ චීනයේ සහ ඉතියෝපියාවේය. පාවහන් යුගලක් නිපදවීම සඳහා ඇමෙරිකානු ඩොලර් 15ක් වැයවන නමුත් අදාල පුණ්‍යායතනය විසින් එය දරුවන්ට බෙදා දෙනු ලබන්නේ නොමිලේය.

එමෙන්ම අනෙක් බොහෝ පාවහන්වලට වැඩි කලක් මේ පාවහන් භාවිත කළ හැකි බව එය නිපදවන The Shoe That Grows සමාගම පවසනවා.