Thursday, April 18, 2024

General line - 0115112241

ක්‍රිකට් නායකත්වයේ වෙනසක්! ඇමතිගෙන් ඉඟියක්




ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සම්බන්ධයෙන් ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ විසින් තීරණයක් ගනු ඇති බව ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සමග සාකච්ඡා කර හතුරුසිංහ එම තීරණය ගනු ඇති බවයි ක‍්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ දිනවල නව පුහුණුකරු යටතේ හොඳින් පුහුණු වීම් සිදු කරන බවද ක‍්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී ප‍්‍රකාශ කළා.