Tuesday, April 23, 2024

General line - 0115112241

වසරේ කණ්ඩායම්වලින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විසි වෙයි

කසුන් කැළුම්




2017 වසරේ එක්දින , ටෙස්ට් සහ විස්සයි විස්ස කණ්ඩායම් කි‍්‍රක් ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. 

එම කණ්ඩායම් තුනටම ඇතුළත් වීමට  කිසිදු ශී‍්‍ර ලාංකික කි‍්‍රඩකයෙකුට  හැකියාවක් නොලැබීම විශේෂත්වයක් වනවා. 

නම් කළ ටෙස්ට් කණ්ඩායමට ඉන්දීය කී‍්‍රඩකයින් වන විරාත් කෝලි සහ  පුජාරා ඇතුළත්ව සිටින අතර එම කණ්ඩායමේ නායකත්වය ඔස්ටේ‍්‍රලියාවේ ස්ටීවන් ස්මිත්ට හිමිව තිබෙනවා. 

මෙම කණ්ඩායමට කිසිදු පාකිස්තානු කී‍්‍රඩකයෙකු ඇතුළත් නොවන අතර බංග්ලාදේශයේ සකීබ් අල් හසන් සහ කඩුලූ රකින කී‍්‍රඩක මුෂ්ෆිකර් රහීම් ඊට ඇතුළත්ව සිටීම විශේෂත්වයක්.

කි‍්‍රක් ඉන්ෆෝ වෙබ් අඩවිය මගින් ප‍්‍රකාශයට පත් කළ 2017 වසරේ එක්දින කණ්ඩායමට ඉන්දීය කී‍්‍රඩකයින් පස්දෙනෙකුම ඇතුළත්ව සිටින අතර එහි නායකත්වය විරාත් කෝලිට හිමිව තිබෙනවා. 

රෝහිත් ෂර්මා, හර්දික් පාන්ඩියා, බුවනේෂ්වර් කුමාර්, සහ  බුම්රා ඊට ඇතුළත් සෙසු ඉන්දීය කී‍්‍රඩකයින්. 

ඇෆ්ගනිස්ථානයේ රෆීඞ් ඛාන් එම කණ්ඩායමට ඇතුළත්ව සිටීම විශේෂත්වයක්. 2017 වසරේ එක්දින කණ්ඩායමට කිසිදු ඔස්ටේ‍්‍රලියානු කී‍්‍රඩකයෙකු ඇතුළත්ව නැහැ. 

කි‍්‍රක් ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් ප‍්‍රකාශයට  පත් කළ 2017 වසරේ පන්දුවාර විස්ස කණ්ඩායමට කොදෙව් කී‍්‍රඩකයින් තුන්දෙනෙකු ඇතුළත්ව සිටිනවා. 

එවින් ලෙවිස්, කිරන්  සහ සුනිල් නරේන් ඊට ඇතුළත් කොදෙව් කී‍්‍රඩකයින් වනවා.  

පන්දුවාර විස්ස කණ්ඩායමට කිසිදු ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රඩකයෙකු ඇතුළත් නොවන අතර ඇෆ්ගනිස්ථානයේ රෂීඞ් ඛාන් ඊට ඇතුළත්ව සිටිනවා.