Thursday, April 25, 2024

General line - 0115112241

බැඳුම්කර වරදකරුවන්ට දඬුවම් ලබාදීම සඳහා විශේෂ මහාධිකරණයක් !




බැඳුම්කර සිද්ධියේ වරදකරුවන්ට දඬුවම් ලබාදීම සඳහා විශේෂ මහාධිකරණයක් පිහිටුවන්නැයි පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලීමක් කරනවා. 

එහි සභාපති රංජිත් විතානගේ කියා සිටියේ ප‍්‍රශ්නගත ගනුදෙනුවෙන් අගතියට පත්වූයේ පාරිභෝගික ජනතාව බවයි. 

ඒ හේතුවෙන් ඔවුන්ට කඩිනමින් සහන සැලසීම රජයේ වගකීමක් බවද ප‍්‍රකාශ කෙරුණා. 


මේ අතර බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඊයේ (03)සිදු කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් මේ වනවිට විවිධ අදහස් පළ වෙමින් තිබෙනවා. 

ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා කියා සිටියේ  කොමිසන් සභා වාර්තාවේ කිසිවෙකු සොරකමක් කළ බවට සඳහන්ව නොමැති බවයි. ගම්පහ දිවුලපිටිය ප‍්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා. 

මේ අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග කියා සිටියේ  වාර්තාව සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගැනීමේ ක‍්‍රමවේදය පිළිබඳ  සැක මතුවන බවයි.