Thursday, March 28, 2024

General line - 0115112241

නිදහස් පක්ෂයේ සරදම! දිලුම් කියන කතාව




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව යොදා ගනිමින් මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු සිදු කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට සිදුවීම දෛවයේ සරදමක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිලූම් අමුණුගම පවසනවා. හිටපු ජනාධිපතිවරයාගේ රුව ප‍්‍රචාරණ කටයුතු සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය දයාසිරි ජයසේකර සිදු කළ ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිලූම් අමුණුගම මේ බව කියා සිටියා.

ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය දයාසිරි ජයසේකර ඒ පිළිබඳ අදහස් දක්වමින් පැවසුවේ මහින්ද රාජපක්ෂ මහතා තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකයකු බවය. එතුමා අකමැතිනම් ලිඛිතව ඉල්ලීමෙන් එම ඡායාරූපය ඉවත්කරගත හැකි බවද ඔහු පැවසුවා.

එම ප‍්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිලූම් අමුණුගම පැවසුවේ "එතුමට හො කියන්නත් මෙයාලට ඕන. හැබැයි ඡන්දෙ දිනන්න යන්නත් එතුමගේ ෆොටෝ එක නැතුව බැහැ." යනුවෙන්ය.