Tuesday, April 23, 2024

General line - 0115112241

රෝගී දරුවකු පෙන්නා සංගීත සංදර්ශනයක් පවත්වා සල්ලි අරං මාරු වෙයි! දුරකතනත් විසන්දියි

හැටන් රංජිත් රාජපක්‍ෂ




හැටන් වටවල ප‍්‍රදේශයේ සර්කෝමා රෝගයෙන් පිඩා විදින පාසල් සිසුවෙකුට විදේශ ප‍්‍රතිකාර ලබා  ගැනිමට ආධාර පිිණිස හැටන් ප‍්‍රදේශයේ ප‍්‍රධාන සිංහල පාසලක ආදි සිසුන් පිරිසක් විසින් සංගීත ප‍්‍රසංගයක් පවත්වා එම සංගිත ප‍්‍රසංගයෙන් ලැබු ආධාර මුදල් තමන් වෙත ලබා නොදුන් බව රෝගි සිසුවාගේ පියා වන ජි.ජි කල්‍යාණතිස්ස චෝදනා කරනවා. 

එම සිසුවාගේ රෝගි තත්ත්වය පිළීබද දැනගත් එම සංගිත ප‍්‍රසංගය පැවැත්වු තරුණයන් පිරිසක් එම රෝගි සිසුවාගේ නිවසට ගොස් ඔහුගේ දෙමවිපියන් මුණ ගැසි රෝගි සිසුවාට ආධාර ලබා දිම සදහා හැටන් නගරයේ සංගීත ප‍්‍රසංගයක් පවත්වන බවත් ඒ සදහා දැන්විම් වල සදහන් කිරිමට රෝගි සිසුවාගේ ජායාරූපයක් සහ එම සංගීත ප‍්‍රසංගය පැවැත්විමට එම සිසුවාගේ දෙමව්පියන්ගෙන් අවසරද ලබා ගෙන තිබෙනවා. 

ඒ අනුව එම සංගිත ප‍්‍රසංගය පැවැත්විම සදහා හැටන් නගරයේ වයි.එම්.බී.ඒ සංස්කෘති ශාලාවද වෙන් කරගෙන ඇත්තේ එම සිසුවාගේ රෝගි තත්ත්වය ශාලාව භාරකරුට පවසාය. එහිදි වයි.එම්.බී.ඒ සංස්කෘතික ශාලාව බාරකරු විසින් ඉතා අඩු මුදලකට එම ශාලාව වෙන් කර දි තිබෙනවා. මෙම සංගිත ප‍්‍රසංගය පැවැත්විම සදහා රැපියල් 100/= 150/= බැගින් ප්‍රවේශ පත‍්‍ර විශාල ප‍්‍රමාණයක් මුද්‍රණය කර එම ප්‍රවේශ පත‍්‍ර නගර සභාෙවිද අනුමැතිය ඇතිව අලෙවි කර ඇති අතර එහිදි ඇතැම් ප‍්‍රක්ක්‍ෂකයන් විසින් මෙම රෝගි සිසුවාගේ රෝගි තත්ත්වය ගැන සලකා ප්‍රවේශ පත‍්‍ර ගාස්තුවට වඩා වැඩි මුදලක් ගෙවා ප්‍රවේශ පත‍්‍රද ලබා ගෙන තිබෙනවා. 

මේ අනුව මෙම සංගීත ප‍්‍රසංගය 2017.12.06 වන දින 2.30 සහ 6.30 වශයෙන් ප‍්‍රසංග දෙකක් පවත්වා ඇති අතර එම සංගිත ප‍්‍රසංග දෙක සදහාද විශාල පේ‍්‍රක්‍ෂකයන් පිරිසක් සහභාගි වි ඇති බවයි එම සිසුවාගේ පියා පවසන්නේ. එම සංගිත ප‍්‍රසංගයෙන් ලැබු ආදායමින් සංගීත සංදර්ශනය පැවැත්වු ශාලාවේ මුදලද සංගිත භාණ්ඩ සහ ශබ්ද විකාශන වලටද සංවිධායකයන් විසින් මුදල් ගෙවා ඇත.

ඉතිරි මුදල් මේ වන තෙක් තමන් වෙත ලැබු නොමැති බවයි එම රෝගි සිසුවාගේ පියා පවසන්නේ.  එම සංගිත සංන්දර්ශනය සංවිධානය කළ අයගෙන් අවස්ථා කිහිපයකදි තමන් කරුණු විමසු විට එම මුදල් කඩිනමින් ලබා දෙන බවට අවස්ථා කිහිපයකදි ප‍්‍රකාශ කළත් මේ වන විට ඔහුන්ගේ දුරකථනයට කථා කළත් ඔහුන් නිසි ප‍්‍රතිචාරයක් නොදක්වන බවයි එම සිසුවාගේ පියා චෝදනා කරන්නේ. 

 තමන් හැටන් පොලිසියේ පැමිණීල්ලක් කිරිමටද අපේක්‍ෂා කරන බව එම සිසුවාගේ පියා වැඩි දුරටත් කියා සිටියා. සංගිත ප‍්‍රසංගය කථනය කළ නිවේදකයා විසින් මෙම සංගීත ප‍්‍රසංගය රෝගි සිසුවා වෙනුවෙන් සත් භාවයෙන් පවත්වන ප‍්‍රසංගයක් බව වරින වර නිවේදනය කළ බවයි ඔහු පවස්නේ. 

සංගිත ප‍්‍රසංගය පැවැත්වු සංගිත කණ්ඩායෙමි වාදන ශිල්පියෙකුට අප කළ විමසුමකට ඔහු පවසා සිටියේ මුදල් ගණූ දෙනුව සිදුකළේ වෙනත් පිරිසක් බවත් ඔවුන් කව්ද කියා තමන් නොදන්නා බවත් එම වාදන ශිල්පියා වැඩි දුරටත් කියා සිටියා.