Thursday, March 28, 2024

General line - 0115112241

කොළඹ පාරක් සඳුදා තෙක් වැසේ




මට්ටක්කුලිය, විස්ට්වයික් මාර්ගයේ කොටසක් හෙට (05) රාතී‍්‍ර නවයේ සිට ලබන සඳුදා (08) වනදින අළුයම 5 දක්වා වසා තබන බව පොලීසිය පවසනවා. මාර්ගයේ ජල නළ එළීමේ කටයුත්තක් ඊට හේතුවයි. ඒ අනුව කාක දූපතට හැරෙන හංදියේ සිට සෙන් මේරිස් මාර්ගයට හැරෙන හංදිය දක්වා වූ කොටස මෙලෙස වසා තැබෙනු ඇති. මාර්ගය වසා තබන කාලයේදී එම මාර්ගය විවෘත වන්නේ පදිංචිකරුවන්ට පමණයි.

හැදල තොටුපල පාරේ සිට ධාවනය වන වාහන හා ෆාම් පාරෙන් ධාවනය වන වාහන මට්ටක්කුලිය ප‍්‍රධාන මාර්ගයට පිවිසිය හැකි විකල්ප මාර්ග බවයි පොලීසිය පැවසුවේ. සෙන් මේරිස් අතුරු මාර්ගය ඔසේස් ධාවනය වන අනෙකුත් වාහන සදහා විස්ට්වයික් මාර්ගයට පිවිස මේරිස් මාර්ගය ඔස්සේ මට්ටක්කුලිය ප‍්‍රධාන මාර්ගයට පිවිසිය හැකියි.