Wednesday, April 17, 2024

General line - 0115112241

පොහොට්ටුව මහරගම රැකගන්න උසාවි එයි




මහරගම නගර සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා ප‍්‍රතික්‍ෂේප කිරීමට කොළඹ දිස්ති‍්‍රක් තේරීම් භාර නිලධාරිනිය ගත් තීරණයට අභියෝගයට ලක් කරමින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (04) රිට් පෙත්සමක් ගොනු කළා.  එ් එම පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් විසින්. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ මැතිවරණ කොමිසමේ සභාපති, කොළඹ දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරිනිය හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ, එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම්වරුන්.

සිය පෙරමුණ විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පිළිගන්නා ලෙසට නියම කරමින් මහරගම නගර සභාව සම්බන්ධයෙන් කටයුතු කළ තේරීම් භාර නිලධාරිනිය වෙත රිට් නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මහරගම නගර සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා ලැයිස්තුව ප‍්‍රතික්‍ෂේප වූයේ නියමිත වූ කාන්තා නියෝජනය නොමැති වීමෙන්.  

මහරගම නගර සභාවේ නාමයෝජනා ප‍්‍රතික්‍ෂේප වීම සම්බන්ධයෙන් ඊට තරග කළ අපේක්ෂකයින් පිරිසක්ද මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළා.

මේ අතර අගලවත්ත සහ මහියංගණය ප‍්‍රාදේශීය සභා සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත‍්‍ර පිළි ගන්නා ලෙසට රිට් නියෝගයක් නිකුත් කරන ලෙසද ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ තවත් පෙත්සම් දෙකක් ශේ‍්‍රෂ්ඨාධිකරණය හමුවේ අද ගොනු කළා.