Friday, March 29, 2024

General line - 0115112241

බැඳුම්කර වැරදිකරුවන්ට දඬුවම් දියයුතු පිළිවෙල ජවිපෙ කියයි




පාර්ලිමේන්තුව කැඳවා නව නීති සම්පාදනය කිරීමෙන් අනතුරුව බැදුම්කර ගණුදෙණුවට සම්බන්ධ පුද්ගලයන්ට දඩුවම් ලබාදිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. ජනාධිපතිවරයා ඊයේ (03) කළ විශේෂ ප‍්‍රකාශයේදී වැරදිකරුවන්ට දඩුවම් ලබාදීමට පසුබට නොවන බව සඳහන් කර තිබුණා.

ජනාධිපතිවරයා කළ එම ප‍්‍රකාශය කි‍්‍රයාවට නංවන ආකාරය පිළිබදව විමසිල්ලෙන් පසුවන බවයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් අද (04) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියාසිටියේ.