Thursday, March 28, 2024

General line - 0115112241

වහා පාර්ලිමේන්තුව කැඳවන්න ! බැඳුම්කරයට විවාදයක් ඕනෑ




මහබැංකු බැදුම්කර වංචාව පිළිබද සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාවෙහි ඇතුළත් කරුණු පිළිබද ඉදිරි පියවර ගැනීම සදහා වහා පාර්ලිමේන්තුව කැඳවන ලෙස ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.  ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය අද (04) කැදවූ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය මහින්ද අමරවීර කියාසිටියේ ඒ පිළිබද විවාදයක් ද සිදුකළ යුතු බවයි. 

බැදුම්කර කොමිසමේ වාර්තාව පිළිබද දේශපාලන පක්‍ෂ ඊට එරෙහිව ප‍්‍රකාශ නිකුත් කිරීම ජනතා ද්‍රෝහි කි‍්‍රයාවක් බවයි මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය ෆයිසර් මුස්තාෆා කියාසිටියේ.