Thursday, April 25, 2024

General line - 0115112241

අමරිකාවට ප‍්‍රබල හිම කුණාටුවක්




අමරිකාවට ප‍්‍රබල හිම කුණාටු තත්ත්වයක බලපැම් එල්ල වෙමින් තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ අමරිකාවේ නැගෙනහිර ප‍්‍රදේශයට අයත් ප‍්‍රාන්ත රැසකටම මින් බලපෑම් එල්ල වී ඇති බවයි.

ඒ අනුව අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මේ වනවිට අමරිකාවෙන් වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව 11 ක්. හිම කුණාටු තත්ත්වයෙන් ප‍්‍රබල බලපැමක් එල්ල වී ඇත්තේ ෆ්ලොරීඩා ප‍්‍රාන්තයටයි. ෆ්ලොරීඩා ප‍්‍රාන්තයට මේ දිනවල බලපා ඇති අධික ශිත කාලගුණ තත්ත්වය වාර්තා වන්නේ වසර 10 කට පමණ පසුව එම ප‍්‍රාන්තයට බලපෑ දරුණුතම ශීත කාලගුණික තත්ත්වය ලෙසයි.

හිම කුණාටු තත්ත්වයත් සමග ප‍්‍රබල සුළං ප‍්‍රවාහයන්ද එල්ල විය හැකි බවටයි අමරිකානු කාලගුණ අංශ අනාවැකි පළ කරන්නේ.
මතුව ඇති අයහපත් කාලගුණය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් උග‍්‍ර විය හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් බලධාරීන් විසින් දී ඇති උපදෙස් පිළිපදින ලෙසත් කාලගුණ අංශ එරට වැසියන් වෙත දැනුම් දී තිබෙනවා.