Saturday, April 20, 2024

General line - 0115112241

එක්දින නව නායකයා මැතිව්ස්ද ? චන්දිමාල්ද? තීරණය කරන සාධකය මෙන්න




ශී‍්‍ර ලංකා එක්දින කි‍්‍රකට් නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට හෝ දිනේෂ් චන්දිමාල්ට හිිමිවනු ඇති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පවසනවා. අවසන් තීරණය ලබන 9 වැනිදා නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය බවයි නිවේදනයක් නිකුත් කරමින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පැවසුවේ. තේරීම් කමිටුව සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපති තිලංග සුමතිපාල අතර පැවති සාකච්ඡාවකින් පසු මැතිව්ස් සහ චන්දිමාල්ගේ නම් යෝජනා වී තිබෙනවා.

ඊයේ පැවති මෙම සාකච්ඡාව සඳහා ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහද එක්ව සිටියා. ඇන්ජලෝ මැතිව්ස්ට එක්දින නායකත්වය නැවත වරක් ලබාදීම කෙරෙහි වැඩි අවධානයක් යොමුව තිබෙනවා. ඔහු දිගින් දිගටම ආබාධවලට ලක්වීම හේතුවෙන් එම වගකීම දිනේෂ් චන්දිමාල්ට පැවරීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවී තිබෙනවා. කෙසේවුවද, ලබන අටවෙනිදා පැවැත්වීමට නියමිත ඇන්ජලෝ මැතිව්ස්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව ඊළඟ එක්දින ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා කවුදැයි තීරණය වනු ඇත.

නිමා වූ ඉන්දීය සංචාරයේදී ශී‍්‍ර ලංකා එක්දින  කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේ තිසර පෙරේරායි.