Thursday, April 25, 2024

General line - 0115112241

මහනුවර අපට තරගයක් නෑ - අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල (VIDEOS)

හේරත් ඒකනායක - මහනුවර




මෙවර පළාත් පාලන ආයතන මැතිවරණයේ දී මහනුවර දිස්ත්‍රික්කයේ තමන්ට කිසිඳු තරගකාරීත්වයක් නොමැති බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

ඔහු කියා සිටියේ 60% ප්‍රතිශතයකින් මෙවර මැතිවරණයේ දී මහනුවර දිස්ත්‍රික්කය එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරන බවයි.

අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ  මහනුවර මහ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරිමේ අවස්ථාවට අද (05) එක් වෙමින්.

මෙහිදී මාධ්‍යවේදීන් බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියා. අමාත්‍යවරයා කියා සිටියේ එය හුදෙක් වාර්තාවක් පමණක් බවත් එය අධිකරණ තීන්දුවක් නොවන බවත් පැවසුවා.

සයිටම් සම්බන්ධයෙන් ද මාධ්‍යවේදින් ඇසු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ආරම්භ කරනු ලැබු ප්‍රශ්නයකට වත්මන් ආණ්ඩුව විසඳුමක් ලබාදී ඇති බවයි.