Thursday, April 25, 2024

General line - 0115112241

පුංචි ඡන්දයට ඉදිරිපත්ව සිටින අපේක්ෂිකාවන්ගේ පැමිණිලි දැනුම් දීමට විශේෂ දුරකතන අංකයක්




පළාත් පාලන මැතිවරණයේදී අපේක්ෂිකාවන්ට එරෙහිව සිදුවන ඕනෑම ආකාරයක බලපෑම් හෝ තර්ජන වලට එරෙහිව දැඩි පියවර ගන්නා බව මැතිවරණ කොමිසම පවසනවා.

එහි සභාපති මහින්ද දේශප්‍රිය මෙම අදහස් පල කලේ මැතිවරණ කොමිසම් සභාවේ අද (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

අපේක්ෂිකාවන්ට එරෙහිව සිදුවූ බලපෑම් පිළිබඳ ලැබී ඇති බරපතල සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් ද අවදානය යොමු වී ඇති අතර මැතිවරණයට අදාල කටවුට් හා කාර්යාල ජනවාරි 31 වන විට ඉවත් කළ යුතු බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ.

ඇතැම් අපේක්ෂකයින් ප්‍රදර්ශණය කරන විශාල ප්‍රමාණයේ කටවුට් කිහිපයක් ඉවත් කිරිමට කටයුතු කළ බවයි මැතිවරණ කොමිසම් සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

පළාත් පාලන මැතිවරණයේදී කිසියම් අපේක්ෂිකාවකට කුමන හෝ පාර්ශවයකින් බලපෑමක් හෝ තර්ජනයක් එල්ල වන්නේ නම් ඒ පිළිබඳ දැනුම් දීමට විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව, එවැනි පැමිණිලි 011 30 24 884 යන ළමා හා කාන්තා කාර්යාංශයේ දුරකථන අංකයට දැනුම් දිය හැකි බවයි පොලිසිය පැවසුවේ.

අපේක්ෂකාවන්ට මෙන්ම ඡන්ද දායිකාවන්ට ද කිසියම් පාර්ශවයකින් බලපෑමක් හෝ තර්ජනයක් එල්ල වන්නේ නම් ඒ පිළිබ පැමිණිලි ද එම දුරකථන අංකයට දැනුම් දිය හැකියි.

එම අංකය පැය 24 පුරා විවෘතයි.