Thursday, April 25, 2024

General line - 0115112241

බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා




බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා කඩිනමින් අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡිවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහාගේ ප්‍රධානත්වයෙන් අද (05) පැවැත්වුණා.

අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ අරලිය ගහ මන්දිරයේදී මෙම සාකච්ඡාව පැවති බවයි.

සම්පූර්ණ වාර්තාව එළි දැක්වූ විගස මුදල් මණ්ඩලය සමග සාකච්ඡා කර නිර්දේශ ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා මහ බැංකු අධිපතිවරයා වෙත මෙහිදී උපදෙස් ලබා දී තිබෙනවා.

කොමිසම නිර්දේශ කර ඇති පරිදී වෝහාරික විගණන පරීක්ෂණයක් පැවැත්වීමට සුදුසු දේශිය හෝ විදේශිය ආයතනයක් තෝරා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි මහ බැංකු අධිපතිවරයා මෙහිදී දැනුම් දී ඇත්තේ.

2008 වසරේ සිට 2015 දක්වා සිදුවූ දුෂණ සහ අක්‍රමිකතා පිළිබ නිසි පරීක්ෂණයක් සිදු කළ යුතු බවට කොමිසම දන්වා ඇති බැවින් මහ බැංකුවේ සියලූ ලිපි ගොනු සුරක්ෂිත කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

ඒ සහා අවශ්‍ය පියවර ගැනීම මහ බැංකු අධිපතිවරයා, භාණ්ඩාගාර ලේකම් සහ නීතියහා සාමය පිළිබ අමාත්‍යංශයේ ලේකම් ඇතුළත් කමිටුවක් වෙත පැවරුණා.

මෙම අවස්ථාවට මංගල සමරවිර, සාගල රත්නායක, යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටි බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සහන් කළේ.