Friday, April 19, 2024

General line - 0115112241

අගමැතිට එරෙහිව විශ්වාස භංගයක්




බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

අද (05) පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කියා සිටියේ අග්‍රාමාත්‍යවරයාට සහ චෝදනා එල්ල වී ඇති අමාත්‍යවරුන් එම ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවයි.

හිටපු අමාත්‍ය රවී කරුණානායකට පමණක් මෙම සිද්ධියේ වරද පැටවීම ප්‍රමාණවත් නොවන බවද මෙහිදී ඔහු කියා සිටියා.