Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට සහාය දෙන්න ජපානය ඉදිරියටත් සූදානමින්




සංවර්ධනය හා සංහිඳියාව කරා ගමන් කරන ශ්‍රී ලංකාවට සිය රජයේ උපරිම සහය ලබා දීමට සූදානම් බව ජපාන විදේශ කටයුතු අමාත්‍ය තාරෝ කෝනෝ පවසනවා.

නිල සංචාරවයක් සහා මෙරටට පැමිණ සිටින ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (05) ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදීයි.

දෙරට අතර, ශක්තිමත් ව්‍යාපාරික සබතාවක් පවතින බවත් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සහ ආයෝජන අවස්ථා පිළිබ තවදුරටත් සොයා බැලීමට ජපාන නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත බවත් ජපාන විදේශ  කටයුතු අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

ජපාන විදේශ අමාත්‍යවරයෙකු මෙරට සංචාරයක නිරත වන්නේ වසර 15කට පසුවීමද විශේෂත්වයක්.

මේ අතර, ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා අද සන්ධ්‍යාවේ අරලියගහ මන්දිරයෙදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද මුණ ගැසුණා.