Thursday, April 18, 2024

General line - 0115112241

මන්ත්‍රී රන්දීර් රොද්‍රිගෝ ඇතුළු සැකකරුවන් 5ට ඇප




දිවුලපිටිය හේන්පිටගෙදර ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇති වූ  වෙඩි හුවමාරුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටි එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රන්දීර් රොද්‍රිගෝ ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු අද (05) ඇප මත මුදා හැරුණා.

, මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජාගේ නියෝගයකට අනුවයි.

ඒ අනුව, එක් සැකකරුවෙකුට රුපියල් 10,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලකෂ 5 බැගින්  වූ ශරීර ඇප 2ක් ඇතුළු දැඩි ඇප කොන්දේසි යටතේ සැකකරුවන් මුදා හරින ලෙසයි මහාධිකරණ විනිසුරුවරයා මෙහිදී නියෝග කළේ.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 23 වනදා ඇතිවූ මෙම වෙඩි හුවමාරුවේදී එක් අයෙකු ජීවිතක්ෂයට පත්වුණා.