Thursday, April 25, 2024

General line - 0115112241

පොලීසියට සැර දාපු ජවිපෙ පළාත් මන්ත්‍රී රිමාන්ඩ්




අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අශෝක රන්වල ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

සපුගස්කන්ද පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාට බැණ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි අශෝක රන්වල අත්අඩංගුවට ගනු ලැබුවේ.

පසුව ඔහු රෝහල් ගත කෙරුණා.

හෙයියන්තුඩුව - ගොඩැල්ලවත්ත ප්‍රදේශයේ නිවසක් මංකොල්ලකෑමේ සිද්ධියකට සහ කාන්තා යට ඇඳුම් සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව සපුගස්කන්ද පොලීසිය අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවෙකු මුදා හරින ලෙස ඉල්ලමින් ඔහු ඊයේ (04) රාත්‍රියේ එම පොලිස් ස්ථානයට පැමිණ ඇති බව සඳහන්.

එහිදී එම ඉල්ලීම වැඩබලන ස්ථානාධිපතිවරයා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඉන් අනතුරුව අදාළ වැඩබලන ස්ථානාධිපතිවරයාට ඔහු තර්ජනය කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.