Thursday, April 18, 2024

General line - 0115112241

එල්.ටී.ටී.ඊ. තහනම් කළ කැඩෙට් පුහුණුව යළිත් උතුරේ පාසල්වලට (PHOTOS)

දිනසේන රතුගමගේ - වවුනියාව




යුද හමුදාව විසින් උතුරේ ප්‍රධාන පාසල් දෙකක් මුල් කරගෙන පවත්වාගෙන යන පාසල් ශිෂ්‍ය භට සේවාව අතිශයින් සාර්ථකවී ඇති බව යුද හමුදාව පවසනවා.

දෙමළ පාසල් සිසුන්ට යුද හමුදා පුහුණුවක් අනවශ්‍ය බව කියමින් උතුරු පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යංශය ශිෂ්‍ය භට පුහුණුව සඳහා පාසල් ලබාදීම ප්‍රතික්ෂේප කර තිබුණා.

නමුත් මේ වසරේ ඒ සඳහා අනුමැතිය ලබා දී ඇති උතුරු පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යංශය යාපනයේ මධ්‍ය මහා විද්‍යාලය හා කිළිනොච්චියේ උරුතිරපුරම් මහා විද්‍යාලය පුහුණු කටයුතු සඳහා ලබා දී තිබෙනවා.

යුද හමුදාවට අවශ්‍ය සියළුම පහසුකම් සලසා දෙන මෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට දැනුම් දීමෙන් පසුව පසුගියදා එම පාසල් වල ශිෂ්‍ය භටයින් පුහුණු කිරීමේ කටයුතු යුද හමුදාව විසින් ආරම්භ කර ඇති බව සඳහන්.

එල්.ටී.ටී.ඊ. සංවිධානය ක්‍රියාත්මක වූ කාල වකවාණුවේදී උතුරේ පාසල් වල ශිෂ්‍ය භට පුහුණු කටයුතු තහනම් කර තිබූ අතර කැඩෙට් නිලධාරීන් වශයෙන් පුහුණුව ලබා සිටි උතුරේ ගුරුවරුන්ටද එම සේවා කටයුතු වලින් ඉවත් වන ලෙස එල්.ටී.ටී.ඊ.සංවිධානය නියෝග කර තිබුණා.