Saturday, April 20, 2024

General line - 0115112241

පළමු තරගයේ ජය නවසීලන්තයට




සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය ඩක්වර්ත් ලූවිස් න්‍යාය අනුව ලකුණු 61 කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද (06) සමත් වුණා.

පළමුව  පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර පනහ තුළ කඩුලූ 7 ක් දැවී ලකුණු 315 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්තාන කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුළු 6 ක් දැවී ලබාසිටි ලකුණු සංඛ්‍යාව 166 ක්.

, පන්දුවාර 30 යි එක් පන්දුවකදීයි. ඒ වනවිට තරගය ජය ගැනීමට නම් පාකිස්තානුවන් ලකුණු 228 ක් ලබාගත යුතුව තිබුණා. තරගය පැවැත්වුණේ වෙලින්ටන්හිදීයි.

-----------------

පාකිස්ථාන සහ නවසීලන්ත පළමු එක්දින තරගයේ නවසීලන්ත නායක විශිෂ්ඨ පිතිහරඹයක (06-01-2018 09:56)

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය වෙලින්ටන්හිදී දැන් පැවැත්වෙනවා.

පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුළු 7 ක් දැවී ලකුණු 315 ක් රැස් කළා.

නවසීලන්ත නායක කේන් විලියම්සන් පන්දු 117 කදී ලකුණු 115 ක් රැස් කිරීමට සමත් වුණා. ඒ, හතරේ පහර 8 ක් සහ එක් හයේ පහරක්ද සමගයි.

පන්දු යැවීමේදී හසන් අලී ලකුණු 61කට කඩුළු 3 යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 10 ක් අවසානයේදී කඩුළු 4 ක් දැවී ලකුණු 40 ක් ලබා සිටියා.