Thursday, March 28, 2024

General line - 0115112241

බේස්ලයින් මාර්ගයේ ජල කාන්දුවක්




බේස්ලයින් දුම්රිය ස්ථානය ඉදිරිපිට බේස්ලයින් මාර්ගයේ ජල නලයක කාන්දුවක් සිදුවන බවට නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

නෙත් නිවුස් වෙත දුරකතන ඇමතුමක් ලබාදුන් ශ්‍රාවකයෙකු පැවසුවේ සතියක පමණ කාලයක සිට එම ජල කාන්දුව සිදුවන බවයි.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති කේ ඒ අන්සාර් දැනුවත් කළා.

ඔහු ඊට ප්‍රතිචාර දැක්වමින් කියා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වහාම සොයා බලා පියවර ගන්නා බවයි.