Thursday, April 25, 2024

General line - 0115112241

මැතිවරණ සිද්ධීන් 199ක්

සමන්ත කුමාර




පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ දක්වා කාලය තුළ සිද්ධීන් 199 ක් වාර්තා වී ඇති බව පැෆරල් සංවිධානය පවසනවා.

එහි විධායක අධ්‍යක‍්ෂ රෝහණ හෙට්ටිආරච්චි කියා සිටියේ මෙම සිද්ධීන් දිවයිනේ සෑම ප්‍රදේශයක්න්ම වාර්තා වූ බවයි.

ප්‍රචණ්ඩකාරි සිදුවීම් 25ක්, රාජ්‍ය බලය හා දේපළ භාවිත කිරිමේ සිද්ධීන් 22ක් හා දේශපාලන අරමුණු ඇතිව සංග්‍රහ කිරිමේ සිදුවීම් 47 මෙම කාලය තුල වාර්තා වී ඇති බව සඳහන්.

අනෙකුත් සිද්ධීන් සියල්ල නීති විරෝධි ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.