Thursday, April 25, 2024

General line - 0115112241

දකුණු අපි‍්‍රකා ගිය ඉන්දීය කණ්ඩායමට ජල තහංචියක්

කසුන් කැලුම්




දකුණු අපි‍්‍රකාවේ තරග සංචාරයක නිරත ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායමට ජල භාවිතය සීමා කර තිබෙනවා. කේප්ටවුන් නුවර පවතින උග‍්‍ර ජල හිගය හේතුවෙන්  එහි ජනතාවටද ජල භාවිතය සීමා කර ඇතිි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. මේ හේතුවෙන් විනාඩි දෙකකට අධික කාලයක් දිය නෑමෙන් වළකින ලෙස දකුණු අපි‍්‍රකානු බලධාරීන් කේප්ටවුන් නුවර වැසියන්ට දැනුම් දී තිබෙනවා. 

මේ දිනවල කේප්ටවුන් නුවර උෂ්ණත්වය සටහන් වන්නේ සෙල්සියස් අංශක 27ක් ලෙයසි. ඉන්දීය කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකාව අතර පළමු ටෙස්ට් තරගය ද පැවැත්වෙන්නේ කේප්ටවුන් නුවරයි. එම ප‍්‍රදේශයට පවතින ජල හිගය හේතුවෙන් එක් නිවසක් සඳහා මාසයකට සැපයෙන්නේ ජල ලීටර් දස දහස් පන්සියයක් පමණයි. එ් අනුව කේප්ටවුන් නුවර එක් පුද්ගලයෙකුගේ දිනක පරිභෝජනය සඳහා ජලය ලීටර් 87ක ප‍්‍රමාණයක් හිමිවන බවයි වාර්තා වන්නේ. මෙම තත්වය පාලනය කර ගැනීමට නොහැකි වුවහොත් ලබා දෙන ජල ප‍්‍රමාණය තවත් සීමා කිරීමට සිදුවනු ඇති බව කේප්ටවුන් නුවර නගරාධිපතිවරයා අනතුරු අඟවා තිබෙනවා.

මේ අතර ඉන්දීය කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වන දිනය අදයි. ඊයේ දිනය නිමා වන විට සිය දෙවන ඉණිම කී‍්‍රඩා කරන දකුණු අපි‍්‍රකානු කණ්ඩායම කඩුලූ 02ක් දැවී ලකුණු 65ක් ලබා සිටියා. ඔවුන් පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 286 ක්. ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 209ක් රැුස් කළා. ඒ අනුව දකුණු අප‍්‍රිකානු කණ්ඩායම මේ වනවිට ඉන්දීය කණ්ඩායමට වඩා ලකුණු 141ක් ඉදිරියෙන් පසුවනවා.