Thursday, April 25, 2024

General line - 0115112241

'ගෝල්ඩන් ග්ලෝබ්ස් 2018' සම්මාන උළෙල

තරංග රුක්ෂාන් ජයසේකර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලෝකයේ පැවැත්වෙන ප‍්‍රධානතම සිනමා සම්මාන උළෙලක් ලෙස සැලකෙන ගෝල්ඩන් ග්ලෝබ්ස් - 2018 සම්මාන උළෙල අමෙරිකාවේදී පැවැත්වෙනවා.

මේ වනවිටත් නළු නිළියන් රතු පලස මතින් සම්මාන උළෙලට පැමිණෙමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙවර එය පැවැත්වෙන්නේ 75වන වරටයි. 

හොලිවුඞ් පුරවරය පුරා දැඩි ආන්දෝලනයක් ඇති කළ නළු නිළියන් මුහුණපෑ ලිංගික අඩත්තේට්ටම් පිළිබඳ සිද්ධීන්වලින් පසු පැවැත්වෙන ප‍්‍රථම ප‍්‍රධානම සිනමා උළෙල මෙයවීම ද විශේෂත්වයක්.

මෙවර සම්මාන උළලේ වැඩිම සම්මාන සංඛ්‍යාවක් සඳහා නිර්දේශ වී ඇත්තේ ‘‘ ද ශේප් ඔෆ් වෝටර්’’ චිත‍්‍රපටයයි.