Wednesday, April 24, 2024

General line - 0115112241

කොටියා එන තුරු මරණ බියෙන් බලා සිටින සුනඛයා (PHOTOS)

රංජිත් රාජපක්ෂ - හැටන්




හැටන් පොලිස් වසමට අයත් පන්මුර් වතුයායේ වතුකම්කරුවන් හත්දෙනෙකුට පහරදී තුවාල සිදුකළ කොටියා අල්ලා ගැනිමට වතුකම්කරුවන්ගේ සහයෝගය ලබා දෙන ලෙස හැටන් මුලස්ථාන පොලිස් පරික්‍ෂක ඒ.එල්.එම් ජෙමිල්  අද (08) එම වතුයායේදී ප‍්‍රජාව දැනුවත් කරමින් ඉල්ලා සිටියා.

ඔහු කියා සිටියේ කොටියා අල්ලා ගැනිමට වනජිවී නිළධාරින්ට සහ පොලිස් නිළධාරින්ට එම වතුයායේ වතුකම්කරුවන්ගේ සහයෝගය නොලැබුණු බවයි. 

කොටියා සැරිසැරු ස්ථානයෙන් කොටියාව බිය ගන්වා පලවා හැරිමට වතුකම්කරුවන් කටයුතු කළ නිසා වනජිවී නිළධාරින්ට හා පොලිස් නිළධාරින්ට කොටියා අල්ලා ගැනිමට මෙතෙක් නොහැකි වී තිබෙනවා. 

කොටියා සැරි සරන අවස්ථාවේ එම ස්ථානවලින් ඉවත් වී ඒ පිළිබඳව වනජිවී නිළධාරින් දැනුවත් කරන ලෙසත් කොටියා සුනඛයින් දඩයම් කිරිමට ඉතා කැමැත්තක් දක්වන හෙයින් රැකියා සඳහා යන අවස්ථාවන්වලදී තමන් සුරතලයට ඇති කරන සුනඛයින් තේ වතුයායට රැගෙන නොයන ලෙසත් මුලස්ථාන පොලිස් පරික්‍ෂකවරයා වතුකම්කරුවන්ගෙන් ඉල්ලා සිටියා. 

එම කොටියා අල්ලා ගැනිම සඳහා වනජිවී නිළධාරින් තව දුරටත් එම වතුයායේ රැඳී සිටිමින් හත්වන දිනටත් කොටියා අල්ලා ගැනිමට අටවා ඇති උගුලට සුනඛයෙකු යොදා තිබෙනවා.