Friday, March 29, 2024

General line - 0115112241

රටක් ගරු කළ 'සෝභිත හිමියන්ගේ නම' රාජගිරියට දෙන්න සුදානම් (PHOTOS)




රාජගිරිය මංසන්ධියේ ඉදි කළ ගුවන් පාලම  නිමකරන ලද්දේ ස්පාඤ්ඥ සමාගමක් සහ දේශීය සමාගමක් එක්වයි.

 2016 වසරේ මෙහි ඉදිකිරීම් ආරම්භ කළ අතර, වැයකර ඇති මුදල රුපියල් මිලියන 4700 ක්.

මංතීරු හතර බැගින් වූ රාජගිරිය මංසන්ධියේ ඉදි කළ  ගුවන් පාලම දිගින් මීටර් 534 ක් වනවා.

මීටර් 180 ක පිවිසුම් මාර්ගයක් ද ඊට ඇතුළත්.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ  ප්‍රධානත්වයෙන් එහි විවෘත කිරීම් අද (08) සිදු කෙරුණා.

මෙම අවස්ථාවට සහභාගී වෙමින් ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ, පූජ්‍ය මාඳුළුවාවේ සෝභිත හිමියන්ගේ නාමයෙන් මෙම ගුවන් පාලම නම් කරන ලෙසයි.

ඡායාරූප පහතින් දැක්වෙනවා.