Saturday, April 20, 2024

General line - 0115112241

නෙත් නොමිලේ ස්ටෝර්ස් ජයග්‍රාහකයින් සොයා යයි (PHOTOS)




නෙත් එෆ්. එම්. නොමිලේ ස්ටෝර්ස් තරගයේ ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන්ට භාණ්ඩ මලූ බෙදා දීම ප‍්‍රදේශ රැසක දී අද (08) සිදු වනවා.

එම කටයුත්ත පළමුව ආරම්භ කෙරුණේ කෑගල්ලෙන්.

එහිදී නොමිලේ ස්ටෝර්ස් භාණ්ඩ මල්ලක් දිනාගත් ජයග‍්‍රාහිකාවක් නෙත් නිව්ස් වෙත අදහස් පළ කළා. 

එහිදී ආරියලතා රාජපක්ෂ නෙත් නිව්ස් වෙත සඳහන් කළේ "ඇත්තටම සතුටුයි.. කියපු දේ කරන නාලිකාවක්..අද මට නොමිලේ ස්ටෝර්ස් බඩු මල්ල ළඟටම ගෙනත් දුන්නා.. නෙත් රේඩියෝවේ වැඩසටහන් සියල්ලම මම අහනවා..එළි වෙනකම් පිරිත දාගෙන තමයි ඉන්නේ. මගේ ඊළඟ බලාපොරොත්තුව තියෙන්නෙත් දඹදිව චාරිකවකට එක්වීමයි." යනුවෙනි. 

දෙසැම්බර් මාසයේ ජයග‍්‍රාහික ජයග‍්‍රාහිකාවන් වෙත භාණ්ඩ මලූ බෙදාදීම අද දවස පුරා මාවනැල්ල, ජාඇල, මිනුවන්ගොඩ යන ප‍්‍රදේශවල දී සිදු කෙරෙනවා.