Thursday, March 28, 2024

General line - 0115112241

පුරුෂ ලිඟු පැහැගන්වන රූපලාවන්‍ය ආයතනයක් 

සඳුන් සූරියවැව (අන්තර්ජාලය ඇසුරිනි)




තායිලන්තයේ පැතිරෙමින් පවතින අලුත්ම රූපලාවන්‍ය ප්‍රවණතාවක් පිළිබඳව බිබිසී පුවත්සේවය වාර්තා කර තිබෙනවා.

පුරුෂයන් සිය ලිංගය පැහැගැන්වීමට යොමුවීම ඒ අලුත්ම ප්‍රවණතාවය බවයි එහි සඳහන් වන්නේ.

ඒ සමගම රූපලාවන්‍ය ක්ෂේත්‍රය සිය සීමාවන් ඉක්මවා යමින් සිටින්නේ දැයි තායිලන්තය තුළ විවාදයක් මතුවෙමින් පවතින බවද එහි සඳහන් වනවා.


බොහෝ දෙනා විවිධ අදහස් දක්වමින් සිටින අතරවාරයේ, පුරුෂ ලිඟු පැහැගන්වන රූපලාවන්‍ය ආයතනයක් ඒ හා සම්බන්ධ වීඩියෝවක් අන්තර්ජාලයේ පළ කළ අවස්ථාවේ  අති විශාල පිරිසක් එය නරඹා තිබූ අතර ඒ පිළිබඳ ආන්දෝලනයක් මතුවීමත් සමග තායිලන්තයේ සෞඛ්‍ය අමාත්‍යාංශය ලිඟු පැහැගැන්වීමේ ක්‍රියාදාමය ගැන අනතුරු අඟවා තිබෙනවා.

සැත්කම පිළිබඳව අදාළ ආයතනය ෆේස්බුක් ඔස්සේ පළ කළ මුල්ම දැන්වීම දින දෙකක් ඇතුළත 19,000 කට වැඩි පිරිසක් ෂෙයාර් කර (share) තිබුණා.

සැත්කම කරන කාමරයේ ඡායාරූපයක් සහ සැත්කමට පෙර හා පසු ලිංගයේ වෙනස්කම දැක්වෙන රූ සටහන් ද එම ෆේස්බුක් පෝස්ටුවට ඇතුළත්ව තිබූ බව  බිබිසී පුවත්සේවය වාර්තා කර තිබෙනවා.