Thursday, April 25, 2024

General line - 0115112241

බීමතින් ලොරියක් ධාවනය කර යතුරුපැදි 03කට හානි කළ අයෙක් රිමාන්ඞ්




බීමතින් ලොරි රථයක් ධාවනය කර යතුරුපැදි 03කට හානි කිරීමේ චෝදනා මත අහුංගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

, බලපිටිය මහේස්ත‍්‍රාත් සංජය ගමගේගේ නියෝගයකට අනුවයි.

සැකකරු තමන්ගේ ලොරි රථය පදවාගෙන නිවසට යාමට උත්සහ කිරීමේ දී යතුරුපැදි 03කට හානි සිදුව ඇති බවට එම යතුරුපැදිකරුවන් පොලිසිය පැමිණිලි කර තිබුණා.

එම පැමිණිලි අනුවයි අහුංගල්ල පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.