Wednesday, April 24, 2024

General line - 0115112241

77 පෙරැළියේ සැබෑ කොටස්කාරයකු වෛද්‍ය රංජිත් අතපත්තු අවසන් ගමන් යයි




හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකු වූ වෛද්‍ය රංජිත් අතපත්තු අද (08) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට 84 වන වියේ පසු වූ ඔහු 77 පෙරැළියේ සැබෑ කොටස්කාරයකු වී ජේ.ආර්. ජයවර්ධන රජයේ සෞඛ්‍ය අමාත්‍ය ධුරය දැරු අයෙක්.

1977 වසරේ දී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළමුවරට පාර්ලිමේන්තුවට පිවිසියේ බෙලිඅත්ත ආසනය නියෝජනය කරමින්.

කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ඔහු ලංකා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය හදාරනු ලැබුවා.