Saturday, April 20, 2024

General line - 0115112241

සුඛෝපබෝගී රථයකින් රන්මාල මංකොල්ලකෑ කල්ලියට වැඩ වරදී

හේමන්ත කහවලගේ




අම්බලන්ගොඩ ප‍්‍රදේශ කිහිපයකදී සුඛෝපබෝගී මෝටර් රථයකින් පැමිණ රන් මාල මංකොල්ලයේ නිරත වූ කණ්ඩායමක් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මංකොල්ලයේ නිරත වූ කණ්ඩායම විසින් අහුන්ගල්ල, කොස්ගොඩ, මීටියාගොඩ සහ රත්ගම යන ප‍්‍රදේශවල රන් මාල මංකොල්ලයේ යෙදුණු බවයි පොලිසිය පැවසුවේ.

අදාළ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියට ලද තොරතුරක් අනුව ගාල්ල පොලිසිය විමර්ශන ආරම්භ කළා.

ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන්ගේ උපදෙස් මත මෙම ප‍්‍රදේශයේ සිදුකළ විමර්ශනවලින් අනතුරුව, මොරටුව අඟුලාන ප‍්‍රදේශයේ තිබී සොරකමට යොදාගත් සුඛෝපබෝගී මෝටර් රථයක්  සොයා ගැණුනු අතර එම මංකොල්ල කණ්ඩායමට අයත් පුද්ගලයක් සිව් දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඔවුන් අතර එකම පවුලේ සහෝදයන් දෙදෙනෙකු ද වනවා.

27 හැවිරිදි බලාපු වඩුගේ සුරංග වින්දන මෙන්ඩිස් , 22 හැවිරිදි බලාපු වඩුගේ නිපුන් මධුශාන් මෙන්ඩිස්,  22 හැවිරිදි කේ.පී. සුරංග ප්‍රේමලාල් සහ 18 හැවිරිදි ලියනාරච්චිලාගේ සුරේන් මධුවන්ත යන අඟුලාන ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් මෙසේ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වුවන් බවයි පොලීසිය කියා සිටියේ.

මොවුන් සත්ව තිබී පිහි 2ක්, රන් මාල 07ක්, පෙන්ඩන්ට් 01ක් සොයාගෙන තිබෙනවා.

අදාළ මංකොල්ල සඳහා WP-CAA-1053 අංකය සහිත මෙරුන් වර්ණ සුඛෝපබෝගී මෝටර් රථයක් යොදා ගෙන ඇති බව සදහන්.

ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන්ගේ උපදෙස් මත පොලිස් පරික්ෂක සිසිර පෙත්තතන්ත්‍රිගේ යන අයගේ පෞද්ගලික ඔත්තුකරුවෙකු විසින් ලබාදුන් ඔන්තුවකට අනුව මෙම මංකොල්ලයට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.