Saturday, April 20, 2024

General line - 0115112241

රටේ ණය ගෙවීමට ඩොලර් මිලියන 500 ක්




ශ්‍රී ලංකාව සංවර්ධන බැඳුම්කර හරහා මේ මාසයේදී ඩොලර් මිලියන 500 ක් උපයා ගැනීමට අපේක්ෂා කරන බව වාර්තා වනවා.

රජයට අයිති  හෝටල් දෙකක් බදු දීමෙන් මෙම මුදල් උපයා ගැනීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව හා වැදගත් අමාත්‍යංශයක් සඳහන් කළ බවයි රොයිටර් වාර්තා සඳහන් කළේ.

මෙම වසරේදී ශ්‍රී ලංකා ආණ්ඩුවට විශාල ණය මුදල් ප්‍රමාණයක් ආපසු ගෙවීමට සිදුව ඇති බවයි රොයිටර් වාර්තාවේ දැක්වෙන්නේ.