Thursday, April 25, 2024

General line - 0115112241

මහ බැංකුවේ පරිපාලනය ජනපති අතට ගන්න - හිටපු අධිපති ඉල්ලයි

පසන් ද සිල්වා




ශ‍්‍රී ලංකා මහ බැංකුවේ පරිපාලන කටයුතු ජනාධිපතිවරයා යටතට පවරා ගන්නා ලෙස හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් අද (08) ඉල්ලීමක් කළා.

, කොළඹ අද (08) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින්.

ඉකුත් ආණ්ඩු සමයේ මෙවැන්නක් සිදු වූයේ නම් වත්මන් තත්ත්වය වෙනස් වීමට ද ඉඩ තිබූ බවයි මෙහිදී  ඔහු ප‍්‍රකාශ කළේ.

මෙම මාධ්‍ය හමුවේදී බැඳුම්කර වංචාව හේතුවෙන් ක්ෂේත‍්‍ර 15කට සිදුවූ අලාභයන් පිළිබ තක්සේරු වාර්තාවක් ද අජිත් නිවාඞ් කබ්රාල් හිටපු මහබැංකු අධිපතිවරයා විසින් ඉදිරිපත් කළා.

විගණකාධිපතිවරයාට අනුව, බැඳුම්කර ගනුදෙනුවෙන් රජයට සිදුවූ අලාභය රුපියල් මිලියන 1674ක්.

බැඳුම්කර වංචාව හේතුවෙන් ගෙවුම් ශේෂයේ අතිවිශාල හිය සහ විදේශීය සංචිත පහත වැටීමටද හේතු වී ඇති බවයි මෙම තක්සේරු වාර්තාවේ දැක්වෙන්නේ.

ජාත්‍යන්තර ණය පොලී අනුපාතය ඉහළ යාම සහ රුපියලේ අගය පහළ යාමට ද මෙම තත්ත්වය හේතුවක් වී තිබෙනවා. 

මේ අතර, බැඳුම්කර කොමිෂන් වාර්තාව සම්බන්ධයෙන් විවාද කිරීමට පාර්ලිමේන්තුව අනිද්දා කැඳවීමට කතානායක කරූ ජයසූරිය අද (08) තීරණය කළා.