Friday, April 26, 2024

General line - 0115112241

ට්‍රම්ප් ගොඩනැගිල්ල ගින ගනි




අමෙරිකාවේ නිව් යෝර්ක් නුවර පිහිටි ට‍්‍රම්ප් කුළුණේ ගින්නක් හටගෙන තිබෙනවා. මහල් 58කින් යුත් මෙම ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ මෙම ගින්න හට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එරට වේලාවෙන් උදෑසන 7ට පමණ මෙම ගින්න හට ගෙන ඇති අතර ගින්නන පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ භටයින් 100 ක් පමණ යොදවා තිබෙනවා.

අමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් මෙම කුළුණ සඳහා විශේෂ ආරක්ෂාවක්ද යොදවා තිබුණා.

ගින්නෙන් සිදුවූ ජීවිත හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නැහැ.