Saturday, April 20, 2024

General line - 0115112241

කටුගස්තොට නිවසක් ගින්නකින් විනාශ වේ

ජේ ඒ එල් ජයසිංහ - මහනුවර




කටුගස්තොට පොලිස් වසමට අයත් කළුගල ප‍්‍රදේශයේ පිහිටි නිවසක හටගත් ගින්නකින් එම නිවස සම්පූර්ණයෙන් විනාශයට පත්ව තිබෙනවා.

ගින්න හට ගත් අවස්ථාවේදී නිවැසියන් කිසිවෙකුත් එහි නොසිටි බවයි පොලිසිය පැවසුවේ.

මහනුවර නාගරික ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් හා ප‍්‍රදේශ වාසීන් එක්ව ගින්න පැතිරයාම මැඩපැවැත්වීමට උත්සාහ දැරුවද එය සාර්ථක වී නැහැ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැති බවයි පොලිසිය පැවසුවේ.