Friday, April 19, 2024

General line - 0115112241

වවුනියාව වෙළඳ සංගමයෙන් ප‍්‍රවාහන අධිකාරියට ඉල්ලීමක්

දිනසේන රතුගමගේ - වවුනියාව




වවුනියාව පැරණි බස් නැවතුම්පොලේ පිහිටි හෝටල් සහ පළතුරු වෙළඳ සැල් නව බස් පර්යන්තය වෙත රැගෙන යාමට අවසර දෙන ලෙස වවුනියාව වෙළඳ සංගමය ප‍්‍රවාහන අධිකාරියෙන් අද (08) ඉල්ලීමක් කළා.

ඒ සඳහා ක‍්‍රමවේදයක් සකසා දෙන ලෙසද ඔවුන් මෙහිදී ඉල්ලීමක් කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

වව්නියාව වෙළඳ සංගමය පවසන්නේ පැරණි බස් නැවතුම් පළේ වෙළඳාම් සිදු කළ සිල්ලර බඩු, රෙදිපිළි හා පාවහන් වෙළඳුන්හට යම් සහනයක් හිමිව ඇතත් හෝටල් හා පළතුරු වෙළෙන්ඳන් හට විශාල පාඩුවක් සිදුව ඇති බවයි. 

පැරණි බස් නැවතුම් පළ වසා දැමීමෙන් අසීරු තත්ත්වයට පත්ව සිටින වෙළෙන්ඳන් සංඛ්‍යාව 250 ක් පමණ වනවා.