Friday, March 29, 2024

General line - 0115112241

හෙට විවාදයට සූදානම් වෙන්න අද රැස්වෙයි

කසුන් කැලුම්




පාර්ලිමේන්තුවේ විශේෂ පක්‍ෂ නායක රැස්වීමක් අද (09) පැවැත්වෙනවා. හෙට (10) දින පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමට අදාළවයි මෙම පක්‍ෂ නායක රැස්වීම කැඳවා ඇත්තේ. 

2018 නව වසර වෙනුවෙන් පාර්ලිමේන්තුව පළමුවරට රැස්වීමට නියමිතව තිබුණේ ලබන 23 වැනිදායි. එහෙත් ප‍්‍රශ්නගත බැදුම්කර ගණුදෙණුව පිළිබද ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් සඳහා පාර්ලිමේන්තුව ඊට පෙර කැඳවන්නැයි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය, ඒකාබද්ධ විපක්‍ෂය හා ජනතා විමුක්ති පෙරමුණ කතානායකවරයාගෙන් ඉල්ලීම් කළා.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාද පැවසුවේ බැදුම්කර කොමිසමේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් සඳහා පාර්ලිමේන්තුව වහා කැඳවන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවයි.

ඒ අනුව අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් කතානායකවරයා පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් හෙට කැඳවා තිබෙනවා.

පාර්ශ්ව කිහිපයක් විසින් ඉල්ලා සිටි බැදුම්කර කොමිසමේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් මෙහිදී විවාදයක් පැවැත්වෙනු ඇති.

එම විවාදයේදී එක් එක් කථිකයන්ට ලබාදෙන කාලය කොපමණ දැයි අද පැවැත්වෙන විශේෂ පක්‍ෂ නායක රැස්වීමේදී තීරණය කිරීමට නියමිතව තිබෙනවා.