Thursday, March 28, 2024

General line - 0115112241

කුණුහරුප කියමින් ගල් ගහලා (PHOTOS)

රංජිත් රාජපක්‍ෂ




මෙවර පළාත් පාලන මැතිවරණයේදී තරග වදින අපේක්‍ෂිකාවකගේ නිවසට ගල් ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එම අපේක්‍ෂිකාව පවසන්නේ විරුද්ධ පාර්ශ්වයක මැතිවරණ ප‍්‍රචාරක කටයුත්තක් සිය නිවස ආසන්නයේ ඊයේ (08) පස්වරුවේ පැවැත්වුණු බවයි.

සිය නිවසට ගල් ප‍්‍රහාරයක් එල්ල වූයේද එම අවස්ථාවේදී බවත් ප‍්‍රචාරක කටයුත්තට සහභාගි වී සිටි පිරිස් තමන්ට පරුෂ වචනයෙන් බැණ වැදුණු බවත් ඇය පැවසුවා.

කොටගල ප‍්‍රාදේශීය සභාවට තරග වදින අපේක්ෂිකාවකගේ නිවසට මෙම ගල් ප්‍රහාරය එල්ල වුණා.

ගල් ප‍්‍රහාරයෙන් සිය නිවසේ ජනේලවලට අලාභ සිදුව ඇති බවයි එම අපේක්‍ෂිකාව වැඩිදුරටත් කියාසිටියේ. මේ පිළිබද පොලිස් පරීක්‍ෂණ ආරම්භ වී තිබෙනවා.