Saturday, April 20, 2024

General line - 0115112241

විෂය නිර්දේශයෙන් 'ඉංග්‍රීසි' ඉවත් කිරීමට ගත් තීරණය

ඩිල්ෂාන් මඩවල - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




පාසල්වල ප‍්‍රාථමික අංශයේ විෂය නිර්දේශයන්ගෙන් ඉංගී‍්‍රසි භාෂාව ඉවත් කිරීමට ඉරානය තීරණය කර තිබෙනවා.

එතරම් අඩු වයසකදී දරු දැරියන්ට ඉංගී‍්‍රසි භාෂාව ඉගැන්වීමෙන් ඔවුන්ගේ ආකල්ප බටහිරකරණය වන බවයි ඉරාන අධ්‍යාපන විශේෂඥයන්ගේ අදහස වී ඇත්තේ.

ඉරානයේ සංස්කෘතික උරුමයන් ප‍්‍රවර්ධනයට එමගින් අවහිරතා සිදුවිය හැකි බවද ඔවුන් පෙන්වා දි තිබෙනවා.  

පාසල්වල ප‍්‍රාථමික අංශයේ විෂය නිර්දේශයන්ගෙන් ඉංගී‍්‍රසි භාෂාව ඉවත් කිරීමට ඉරානය තීරණය කර ඇත්තේද ඒ අනුවයි.