Thursday, March 28, 2024

General line - 0115112241

බංග්ලාදේශතරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කරයි..මැතිව්ස්ට තහනමක් (PHOTOS)

කසුන් කැලුම්




බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද (09) නම් කරනු ලැබුවා.

ඒ අනුව ඇන්ජලෝ මැතිව්ස්, උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිල් පෙරේරා, තිසර පෙරේරා, අසේල ගුණරත්න, නිරෝෂන දික්වැල්ල, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත සමීර, ශේහාන් මධුෂංඛ, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, වනිඳු හසරංග මෙවර බංග්ලාදේශ සංචිතය සඳහා නම් කර තිබෙනවා.

මේ අතර බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලිය  දී ඇන්ජලෝ මැතිව්ස්ට පන්දු යැවීම තහනම් බවයි ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ග්‍රැහැම් ලැබ්‍රෝයි කියා සිටියේ.