Thursday, March 28, 2024

General line - 0115112241

සුරක්ෂිත අමෙරිකාවකට ට‍්‍රම්ප්ගෙන් සැලසුම්




අමෙරිකාව වඩාත් සුරක්ෂිත සහ සෞභාග්‍යමත් රටක් බවට යළි පත් කිරීමට නායකත්වය ලබාදෙන බව රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට‍්‍රම්ප් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ අපරාධ සහ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා හේතුවෙන් බලපෑම් එල්ලවී ඇති අමෙරිකාව ළඟඳීම ඉන් අත් මිදෙනු ඇති බවයි.

ඩොනල්ඩ් ට‍්‍රම්ප් මෙම අදහස් පළ කළේ රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තමා ඉදිරිපත් කිරීමට පක්ෂ සම්මේලනය ගත් තීරණය පිළිගනිමින්.

මතභේදකාරී ප‍්‍රකාශ හේතුවෙන් දැඩි කතාබහකට ලක් වූ හැත්තෑ හැවිරිදි ට‍්‍රම්ප් වෙත පක්ෂ සම්මේලනයේදී සිය ආධාරකරුවන් අද (22) සුබපැතුම් එක් කළේ නිල් සුදු සහ රතු පැහැති බැලූන ගුවනට මුසු කරමින්.