Wednesday, April 24, 2024

General line - 0115112241

 වැඩ කටයුතු 'හදිසියේම නවතා දමන ලෙස' ලාෆ්ස් සමාගමට දැනුම් දීමක් !




දකුණු ආසියාවේ විශාලතම ද්‍රව පෙට්‍රෝලියම් ගෑස්  ආනයන හා අපනයන පර්යන්තයේ වැඩ කටයුතු හදිසියේම නවතා දමන ලෙස ලාෆ්ස් සමාගමට දැනුම් දී ඇතැයි වාර්තා වනවා.

හම්බන්තොට වරාය ව්‍යාපෘතියට අදාලව දේශීය ආයෝජකයෙකු විසින් සිදුකරන එකම ව්‍යාපෘතියද මෙයයි.

එහි සම්පූර්ණ ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 80 ඉක්මවනු ලබනවා.

2016 වසරේදී මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබූ අතර ඊට අදාලව ශ්‍රී ලංකා රජය සමග දේශීය සමාගමක් වන ලාෆ්ස් සමාගම අතර ගිවිසුම් අත්සන් කර තිබුණා.


වරාය අධිකාරියේ පරිපාලනය විසින් ලාෆ්ස් සමාගමට මේවන විට දන්වා ඇත්තේ   පර්යන්ත ව්‍යාපෘතියට අදාල ගිවිසුම අවලංගු කර නව ගිවිසුමක් අත්සන් කරන ලෙසයි.

එහිදී ලාෆ්ස් සමාගම ප්‍රකාශ කර ඇත්තේ මේවන විට චීන සමාගම සහ ශ්‍රී ලංකා රජය අත්සන් කර ඇති ගිවිසුම් අනුව නව ගිවිසුමක් අත්සන් කළ හැකිය යන්නයි. 

නමුත් වරාය අධිකාරිය ශ්‍රී ලංකා රජය සහ චීන සමාගම අත්සන් කළ එම ගිවිසුම ලබා දීමට අකමැත්ත ප්‍රකාශ කර ඇතැයි වාර්තා වනවා.

මේවන විටත් අදාල ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සියයට 80ක් නිම කර ඇති අතර මේවන විට නල එලීමේ කටයුතු සිදු කර හම්බන්තොට වරාය භාර නිලධාරියා විසින් එම නල එලීමේ කටයුතුද නවතා දමන ලෙස ලාෆ්ස් සමාගම දන්වා  තිබෙනවා.