Thursday, April 18, 2024

General line - 0115112241

රැජිනි කාන්ත්ගේ "බාබා මුද්‍රාව" පෙන්වු තායිලන්ත අගමැති සමග මාධ්‍යවේදීන් කුපිත වෙයි (VIDEO)




තායිලන්තයේ අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් - ඕ - චා  එරට මාධ්‍යවේදීන්ට අමුතු ආකාරයේ පිළිතුරක් ලබාදී නික්ම යාම සම්බන්ධයෙන් වූ වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.

එරට මාධ්‍ය සංවිධාන එරට අග්‍රාමාත්‍යවරයාගේ මෙම ක්‍රියා කලාපය දැඩි ලෙස හෙළා දකින බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

තයිලන්තයේ බැංකොක් අගනුවර පැවති ළමා දින සැමරුම් උත්සවයක් සඳහා එරට අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් - ඕ - චා  සහභාගී වුණා.

පසුගිය කාලවල තායිවානයේ ඇති වූ දේශපාලන අර්බුද සම්බන්ධයෙන් මෙහිදී අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරිමට මාධ්‍යවේදීන් අපේක්ෂා කළා.

එම අවස්ථාවට වේගයෙන් පැමිණි අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් - ඕ - චා  ගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කිරිම ආරම්භ කළා.

විනාඩි 2ක් හෝ එහි රැදී නොසිටි අග්‍රාමාත්‍ය තමාගේ උසට සකක් කළ තමාගේ පින්තූරයක් එහි රැගෙන එන ලෙස සිය සේවකයෙකුට අණ කළා.

එම පින්තූරය සේවකයා විසින් එම ස්ථානයට රැගෙන ඒමත් සමග එය මාධ්‍යවේදීන්ට පෙන්වා "ඔබගේ සියලු ප්‍රශ්න මෙයාගෙන් අහගන්න" යැයි පවසා එම ස්ථානයෙන් නික්ම ගියා.

ඔහු නික්ම යන විට අත ඔසාවාගෙන යම් මුද්‍රාවක් පෙන්වා නික්ම ගිය අතර එම මුද්‍රාව දකුණු ඉන්දීය සුපිරි නළු රැජිනි කාන්ත් විසින් රඟපෑ "බාබා" දෙමළ චිත්‍රපටයේ "බාබා මුද්‍රාවයි".

කෙසේ වෙතත් තමන් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කරමින් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන බව රැජිනි කාන්ත් පසුගියදා නිවේදනය කළා.

ඔහු විසින් ආරම්භ කිරිමට නියමිත නව දේශපාලන පක්ෂයේ ලාංඡනය ද මෙම "බාබා මුද්‍රාවයි".

එය එහි රැස්ව සිටි මාධ්‍යවේදීන් සමච්චලයට ගත් ක්‍රියාවක් බවයි එරට මාධ්‍යවේදීන් පවසන්නේ.