Friday, April 19, 2024

General line - 0115112241

පාසල් සිසුන්ට සහනයක්..  නිල ඇඳුම් වවුචර්වල වලංගු කාලය දීර්ඝ වෙයි




පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් ලබාගැනීමට ලබා දී තිබූ වවුචර්වල වලංගු කාලය දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව ජනවාරී 30 ‍වැනි දා දක්වා එය දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නියෝග කර ඇති බවයි එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

වසරක් පාසා පාසල් සිසුන් වෙත නොමිලේ නිල ඇඳුම් වවුචර්පත් ලබාදීම රජය විසින් අඛණ්ඩව පවත්වාගෙන යනු ලබනවා.

ඒ අනුව පසුගිය වසරේ දී සිසුන් වෙත නිකුත් කරන ලද පාසල් නිල ඇඳුම් චචුරයෙහි වලංගු කාලය 2017-12-31 වන දා දක්වා වලංගුව තිබුණා.

නමුත් කිසියම් හේතුවක් මත වවුචරපත් ලබාගැනීමට මෙතෙක් නොහැකි වූ සිසුන්ට සිදුවන අපහසුතාව සලකා බලා නිල ඇඳුම් වවුචරපත්වල වලංගු කාලය 2018-01-30 තෙක් දීර්ඝ කිරීමටයි, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් විසින් උපදෙස් ලබාදී තිබෙන්නේ.