Saturday, April 20, 2024

General line - 0115112241

කරුණා අම්මන්ට පනවා තිබු තහනමත් ඉවතට




හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනායගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ට පනවා තිබු විදේශගත වීමේ තහනම අද (09) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉවත් කර තිබෙනවා.

පසුගිය රජය පාලන සමයේ වෙඩි නොවදින වාහනයක් සාවද්‍ය පරිහරණය කිරිම හා එය ආපසු භාරනොදීම හේතුවෙන් ඔහුට එරෙහිව FCID ය නඩුවක් ගොණු කර තිබුණා.

මෙම නඩුවට අදාළව කරුණා අම්මාන් අත්අඩංගුවට ගත් අතර පසුව ඇපමත මුදා හැරුණා.

කෙසේ වෙතත් පසුව මෙම නඩුවෙන් ඔහු නිදහස් කිරිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

අදාළ නඩුව අද (09) කැඳවූ අවස්ථාවේ දී හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනායගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ට පනවා තිබු විදේශගත වීමේ තහනම ද ඉවත් කරන බවයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.